"පොලිසිය විසින් අපරාධකරුවන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන එකම ක්‍රියාමාර්ගය බවට වදහිංසා පත්වී තිබෙනවා"
--------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකාව තුළ සිදුවන වදහිංසාවල
අඩුවක් දක්නට නොමැති බව පෙන්වා දෙන මානව හිමිකම් සංවිධාන ජිනිවා නුවර
පිහිටි එක්සත් ජාතීන්ගේ වදහිංසා පිලිබඳ කමිටුවට ඒ පිළිබඳ වාර්තා කරන බව
පවසති.
වදහිංසා යනු අපරාධ ගණයට වැටෙන බරපතළ වරදක් ලෙස පිළිගෙන
ශ්‍රී ලංකාව තුළ ඒ සඳහා නීති පනවා තිබුනත් එම නීති නිසියාකාරව ක්‍රියාත්මක
නොවෙන බව එක්සත් ජාතීන්ගේ වදහිංසා පිලිබඳ කමිටුව සඳහා සහභාගි වීමට නියමිත
"රයිට් ටු ලයිෆ්" (Right to Life) මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ
පිලිප් දිසානායක බීබීසී සිංහල සේවයට කියා සිටියේය. රට තුළ සිදුවන වදහිංසා පිළිබඳ සිවිල් සංවිධාන විසින් සකස් කරන ලද වාර්තාවක් එක්සත් ජාතීන්ගේ වදහිංසා පිළිබඳ කමිටුවට යොමු කිරීමට නියමිත අතර එහි පිටපතක් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ද ලබා දී ඇති බව ඔහු කියා සිටියේය.
- වෙන්නප්පුව පොලිස් ප්‍රහාර චෝදනා ගැන පොලිස් පරීක්ෂණ
- 'ගැබිනි මවට පහර දීම ගැන තවමත් පරීක්ෂණයක් නැහැ'
- පොලිස් පහර දීමක් මානව හිමිකම් කොමිසමට
'පොලිස් වදහිංසා
"පොලිසිය විසින් අපරාධකරුවන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන එකම
ක්‍රියාමාර්ගය බවට වදහිංසා පත්වී තිබෙනවා. එය සියලු පොලිස් ස්ථාන තුළම
සිදුවන බව අපිට වාර්තා වෙනවා." "මේවැනි වදහිංසා නැති කිරීමට ජාතික හා ජාත්‍යන්තර නීති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුවත්, රට තුළ වදහිංසා අඩු නොවී තිබෙන බවයි අපේ වාර්තාවේ කරුණු සහිතව පෙන්වා දී තිබෙන්නේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත්කර ඇති විකල්ප වාර්තාවෙනුත්, රට තුළ සිදුවෙන වදහිංසාවල වැඩිවීමක් දක්නට ලැබෙන බව සඳහන් කර තිබෙනවා."
වදහිංසා වැඩි වශයෙන් සිදු වන බවට වාර්තාවන පුත්තලම වැනි දිස්ත්‍රික්කවල සිය කාර්යාල පිහිටුවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබෙන බවත් "රයිට් ටු ලයිෆ්" සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ පිලිප් දිසානායක කියා සිටියේය
මේ අතර බලහත්කාර අතුරුදහන් කරවීම්වල අඩුවක් මේ මොහොතේ දක්නට ලැබෙන බව මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසීය.
No comments:
Post a Comment