Thursday, December 15, 2016

දින නවයකට පසු මාගම්පුර පණ ලබයි

හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් දින නමයක් පුරා පවත්වාගෙන ගිය අඛණ්ඩ වැඩ වර්ජනය සහ උපවාසය අද (15) දහවල් නිමා කරමින් සියළු සේවකයෝ සේවයට වාර්තා කළහ.
                                                        
මාගම්පුර වරාය චීන සමාගමකට භාර දෙන බැවින් වරායේ සේවය කරන සේවකයින්ගේ රැකියා අහිමි වීමේ තර්ජනයට පිළියමක් ලෙස තමන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් පසුගිය 07 වෙනිදා මෙම සේවකයෝ මාගම්පුර වරායේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතාවයක් ආරම්භ කළහ.
විරෝධතාවයේ නියැලී සිටි සේවකයන්ට එම ස්ථානයෙන් විසිර යන ලෙස දන්වා අධිකරණ නියෝගයක් නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව උපවාසය සඳහා ඉදි කළ වේදිකාව ඉවත් කළ සේවකයෝ මාගම්පුර වරායේ 'සයුරු පාය' ගොඩනැගිල්ල වෙත සේවයට වාර්තා කළහ.
වරායේ සේවකයන් 483 දෙනාගේම රැකියා සුරක්ෂිත කරන බවට වරාය සහ නාවික අමාත්‍යය අර්ජුන රණතුංග සහතික වූයෙන් වැඩ වර්ජනය අත්හැරීමට තීරණය කළ බව ඔවුහු පැවසූහ.
---------------------------------------------------------------------------------------------
                                                    dakshina fernando 

No comments:

Post a Comment