Thursday, November 10, 2016

US President

රටේ මහා බෙදීමක් ඇති වුණා පරාජයෙන් පසු නිහඬව සිටි හිලරි පාක්ෂිකයින් අමතයි ඔබාමාත් කණගාටුවෙන් කතා කරයි


ට්‍රම්ප් ජනපති බවට පත් කරමින් ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵල එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ නිකුත්වූවාට පසුවදා උදේ 11.30 ට පමණ තරගයෙන් පරාජයට පත් ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සහ ඇගේ පක්ෂයේ වත්මන් ජනාධිපති ඔබාමා සියා පාක්ෂිකයින් අමතා විශේෂ ප්‍රකාශයන් සිදු කළා.
හිලරිගේ පරාජයෙන් පසු මුහුණ මැළවී ගොස් තිබුණ අතර
ඇය වඩාත් විමතිය පළ කළේ නොසිතූ ලෙස සුදු ජාතික බහුතරයේ ඡන්ද ට්‍රම්ප් වෙත ලැබී තිබීමයි. එම ප්‍රවණතාව මින් පෙර අත්නොදුටු එක්ක ලෙස විස්තර කළ ඇය ඇමරිකාව ජාතිවාදී ලෙස බෙදී තිබීම අනතුරුදායක බව සිය කතාවෙන් ව්‍යංගයෙන් හඟවා තිබුණ නමුත් නව ජයග්‍රාහකයාට සුබ පතන්නටත් ඔහුගේ ප්‍රයත්නය අගය කරන්නටත් සිය කතාව උපයෝගී කරගත්තා.




තමන් සිතා සිටියාට වඩා ඇමෙරිකාව දරුණු බෙදීමකට ලක්ව ඇති බව අද තමා අත්දුටු බවත් ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත රට මෙහෙයවීම සඳහා අවස්ථාවක් ලබාදිය යුතුව ඇති අතරම ඔහු සාර්ථක ජනාධිපතිවරයෙකු වනු ඇති බව තමා විශ්වාස කරන බවද ඇය කියා සිටියා.

 තමාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ පිරිස මෙතෙක් මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවූ හොඳම පිරිස බවද කියා සිටි ඇය, වත්මන් ජනාධිපති බරැක් ඔබාමාද අගය කරමින් කතා කළා.මෙම පරාජය වේදනාකාරී වුවත්, මැතිවරණ ප්‍රතිඵලවලට ගරුකරන ලෙසද ඇය සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියා.

මේ අතර ඩිමොක්‍රටික්  පාක්ෂිකයින් වෙනුවෙන් ඡන්ද සටනේදී හිලරි ඔසවා තැබූ වත්මන් ජනපති ඔබාමා අන්තිම දවස දක්වාම කියා තිබුනේ තමන් වසර 8 කින් ගොඩනැගූ දේවල් ට්‍රම්ප් අතින් විනාශ වන්නට ඉඩ තිබෙන බවකි.
අද ඔබාමා ජාතිය අමතමින් කියා සිටියේ ‘මොනව වුණත් ඔහු ජයගත්තා. අපි හැමෝටම ඕනෙ ඇමරිකාව ඉහළින්ම තබන්නයි.රට වෙනුවෙන් අපි හැමෝගෙම අරමුණ ඔහුටත් පොදුයි. ඔහුයි මායි අතර වෙනසක් තිබෙන බව රහසක් නෙමෙයි. නමුත් එය හොඳින් ඉටු කරනු ඇතැයි සිතනවා. මා මෙය ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට කණගාටු අවස්ථාවක් බව දන්නවා. ට්‍රම්ප් සමග බලය සාමකාමීව හුවමාරු කරගැනීමට මා සූදානම්.ඔහුට මම සුබ පැතුවා. හෙට මම හමුවන්න එන්න කිව්වා.‘


http://worldnewsdh.blogspot.com/                                  
                                                                                                             LANKA GOSSIP NEWS PAGE
                                                                                                                                උපුටාගෑනීමකි ......



1 comment: