බග්රාම් ඇමරිකානු යුද කඳවුරට තාලිබාන් ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථානයේ බග්රාම් ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු යුද හමුදාවට අයත් විශාලතම කඳවුරට දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

සේවකයකු ලෙස පෙනී සිටිමින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ප්‍රහාරය එල්ල කරනු ලැබ ඇති බවට බලධාරීහු සැක පහළ කරති.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ වැඩ ආරම්භ කිරීම සඳහා හමුදා කඳවුර වෙත සේවකයන් පැමිණෙමින් සිටි බවත් බලධාරීහු පවසති.
ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව තාලිබාන් සංවිධානය විසින් නිවේදනය කරනු ලැබ තිබේ.
http://worldnewsdh.blogspot.com/ dakshina fernando
No comments:
Post a Comment