Friday, December 2, 2016

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද නිදහස් වුණා.

 කුමාර් ගුණරත්නම් අද නිදහස් වුණා .

වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ වරදට අවුරුද්දක සිර දඬුවමකට යටත්ව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද නිදහස් වුණා.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ ඔහුට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තාවකාලික වීසා නිකුත් කර ඇති බවයි.
කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිකම ඉල්ලා ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකට අද ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇති බව ද වාර්තාවේ.
එම ඉල්ලුම්පත්‍රය ගැන තීරණයක් ගැනීමට මාසයක් පමණ කල් ගත විය හැකි බව දන්වා ඇත.

වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ වරදට කෑගල්ලේ ඔහුගේ මවගේ නිවසේදී ගිය වසරේදී අත්අඩංගුවට පත්විණි.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියා පුරවැසියෙකි.
ඔහු මුලින්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි අතර ඔහු කවුදැයි නොදන්නා බව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ ප්‍රසිද්ධියේ පැවසීය.
මේ අතර කුමාර් ගුණරත්නම්ගේ සිර දඬුවම් කාලය අවසන්වීමෙන් පසු විධිමත් ඉල්ලීමක් කරන්නේ නම් ඔහුට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාදීම සඳහා කටයුතු කිරීමට සූදානම් බව  අමාත්‍ය එස්.බී නාවින්න ඊයේ පාර්ලිමේන්තුවේ දී කියා තිබුණි.

-------------------------------------------------------------------------------------------------------------------------------------

                                                                                              dakshina fernando

No comments:

Post a Comment